15976 BM WEB BANNER 01
Nov 11, 2016

ජනපති වෙබ් අඩවිය හැක් කළ සිසුවා පරිවාස භාරයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුලූ වීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින 17 හැවිරිදි පාසල් සිසුවා වසර 3ක කාලයක් පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණයට පත් කිරීමට අද (11දා) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කළේය.

ඒ අනුව අදාළ සිසුවා දෙමව්පියන් භාරයේ සිටියදීම පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණයට පත්කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට ඇතුළු වීමට මෙම සිසුවාට මාලදිවයින් ජාතිකයෙකුගේ සහාය ලැබී ඇති බව විමර්ශනවලදී අනාවරණ වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top