Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jul 06, 2017

වෛද්‍ය සභාවේ පෙත්සමට මැදිහත්වෙන්න GMOA ට අවසර

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාගයට මැදිහත් වී කරුණු දැක්වීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට අද (06දා) ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මීට පෙර පෙත්සමක් ගොනුකළේය.

එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී රජයේ වෛද්‍ය නිලධාරින් ඉල්ලා සිටියේ ඊට මැදිහත්වීමට අවසර ලබාදෙන ලෙසටය.

ඒ අනුව, අදාළ පෙත්සම් විභාගයට මැදිහත්වීමට අවසර ලබාදෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රකාශ කළේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top