Jul 07, 2017

සත්තුවත්ත ගැන චෝදනාවක්

දෙහිවල සත්වෝද්‍යානය අමතර කාලයක් විවෘත කිරීමට බලධාරීන් පියවර ගැනීම තුළින් සතුන්ගේ දෛනික දින චර්යාවට දැඩි ලෙස බලපෑම් එල්ල වන බව පරිසර  යුක්ති කේන්ද්‍රය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා සඳහන් කළේ සත්වෝද්‍යානය වැඩි කාලයක් විවෘතව තැබීමේදී සතුන්ට හිංසාවක් සිදු වන බවයි.

ලබන සැප්තැම්බර් මස 09 වනදා සිට දෙහිවල ජාතික සත්වෝද්‍යානය රාත්‍රී 07.00 සිට රාත්‍රී 10.00 දක්වා අමතර කාලයක් විවෘත කර තැබීමට තීරණය කළ බව අමාත්‍ය ජයවික්‍රම පෙරේරා මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top