Jul 07, 2017

ගීතාගේ පෙත්සමට,පියසේනට මැදිහත්වෙන්න පුළුවන්

ද්විත්ව පුරවැසිභාවය ඇතැයි චෝදනා මත ගීතා කුමාරසිංහ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට අභියචනාධිකරණය විසින් ලබා දී තිබූ නියෝගයට එරෙහිව ගීතා කුමාරසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සමට අතර මැදි පෙත්සම්කරුවකු ලෙස සම්බන්ධවීමට, එම අධිකරණය හිටපු ඇමති පියසේන ගමගේට අද (07දා) අවසර ලබා දී තිබේ.

අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව මන්ත්‍රීවරිය විසින් ගොනු කරනු ලැබූ පෙත්සම විභාග කර අවසන් වන තෙක් මෙම ශ්‍රේෂ්ඨාධිකරණ වාරණ නියෝගය   බලපැවැත්වේ.

ඒ අනුව එම කාලය තුලදී මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීමට ඇයට හැකියාව ලැබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සමට අතරමැදි පාර්ශවයක් ලෙස මැදිහත් වීමට අවසර දෙන්නැයි හිටපු අමාත්‍ය පියසේන ගමගේ මීට පෙර ඉල්ලීමක් කර තිබුණි.

ගීත කුමාරසිංහ මන්ත්‍රීවරිය හා පියසේන ගමගේ හිටපු අමාත්‍යවරයා යන දෙදෙනාම ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරයි.


සබැඳි පුවත්
ගීතාගේ පෙත්සම : පියසේන ගමගේ ගෙන් ඉල්ලීමක්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top