nsb

Nov 13, 2016

දඩේට රවීගෙන් අඩයක් තියයි !

රථ වාහන වැරදි සඳහා අවම දඩය රු.2,500ක් කිරීමේ අයවැය යෝජනාව රිය අනතුරු නිසා වසරකට මියයන දහස් ගණනක් වූ රියදුරන් හා මගීන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කළ යෝජනාවක් බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

මෙම යෝජනාව හකුලාගත යුතු බවට පෞද්ගලික බස්රථ හිමියන් විසින් ගෙනයන ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍යවරයා මෙසේ පැවසූ බව මුදල් අමාත්‍යාංශය කියයි.

පොලීසියෙන් ලැබුණු වාර්තාවන්ට අනුව මේ වසර තුළ මේ දක්වා 3000කට ආසන්න පිරිසක් රිය අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙරට රිය ධාවකයන් හා මගීන් වෙනුවෙන් වූ මාර්ග නීති ආරක්ෂාව හා ඊට ගෞරව කිරීම සඳහා වැඩපිළිවෙළක් වෙත යොමු කරවීමට රජය පසුබට නොවන බවද ඔහු කියා සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top