Jul 14, 2017

අභයාරාමයේ දේශපාලනය උසාවිය තහනම් කරයි !

නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේ දේශපාලන කටයුතු කිරීම අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය අද (14) අතුරු තහනම් නියෝගයක් නිකුත්කර තිබේ.

කොළඹ දිසා විනිසුරු සුජීව නිශ්ශංක මෙම නියෝගය නිකුත් කළේ පූජ්‍ය පත්බේරියේ විමලඥාණ හිමියන් විසින් ගොනු කර තිබූ නඩුවක් අද සලකා බැලීමෙන් අනතුරුවය.

ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් බලපානු ඇත.

මෙම නඩුව ගොනු කරමින් පූජ්‍ය පත්බේරියේ විමලඥාණ හිමියන් පෙන්වා දී ඇත්තේ අභයාරාම විහාරස්ථානයේ විහාරාධිපති ධුරය තමන්ට හිමි විය යුතු බවයි.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් නීතියට පටහැනිව එම විහාරස්ථානයේ විහාරාධිපති ධුරය දරණ බවද නඩුව මගින් පෙන්වා දී ඇත. බෞද්ධ සදාචාරයට පටහැනි වන ආකාරයට සහ සමාජය හමුවේ හෑල්ලූ වන ආකාරයට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අභයාරාම විහාරස්ථානය දේශපාලන හා වෘත්තීය සමිති කටයුතුවලට යොදා ගෙන ඇති බැවින් එය වළක්වාලමින් අතුරු තහනම් නියෝගයන් නිකුත් කරන ලෙස නඩුව මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top