nsb

Nov 14, 2016

කටුනායක ගුවන්තොටේ ACත් නවතියි !

ඊයේ (13) දිනයේ  පැය 4ක පමණ කාලයක් පැමිණීමේ පර්යන්තයේ වායු සමීකරණ ක්‍රියා නොකිරීමෙන් මගීන් දැඩි අපහසුතාවයකට ලක්වූ බව වාර්තා වේ.

විදුලිය විසන්ධිවීම නිසා වායු සමීකරණ ක්‍රියා විරහිතව ඇති අතර, අදාළ වායු සමීකරණ යන්ත්‍රවලට විදුලිය නොමැති විට විදුලිය ලබා ගැනීමට සවිකර ඇති විදුලිජනන යන්ත්‍ර ද ක්‍රියාත්මක නොවීම නිසා අදාළ තත්ත්වය දරුණුවූ බව කටුනායක ගුවන් තොටුපල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

විදුලිය නොමැති විට වායුසමීකරණ ක්‍රියාත්මක කිරීමට විදුලිජනන යන්ත්‍ර 4ක් අති බවත්, ඒවායින් ඊයේ දිනයේදී ක්‍රියාත්මකවී ඇත්තේ 1ක් පමණක් බවද පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top