Nov 14, 2016

බස් වර්ජනය හදිසියේ ම අත්හිටුවයි (UPDATE)

අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට තිබූ පෞද්ගලික බස් වර්ජනය හදිසියේ අත්හිටුවීමට තීරණය කල බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

මුදල් ඇමතිවරයා කල ඉල්ලීමක් අනුව ඔහු සමග සාකච්ජා කිරීමට එම බස් සංගම් තීරණය කර තිබීම ඊට හේතුවයි

කෙසේවෙතත් මෙය තාවකාලික තීරණයක් බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියි.

රථ වාහන අවම දඩය රුපියල් 2500 දක්වා ඉහළ දැමීමට විරෝධය පළ කරමින්, අද (14) මධ්‍යම රාත්‍රීයේ සිට සියලු පෞද්ගලික බස් සංගම් වර්ජනයට එක්වීමට තීරණය කල බව අද දහවල් පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

මේ අතර සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය සහ සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයද මෙම වර්ජනයට විවිධ අයුරින් සහාය ලබාදීමට එකඟ වී තිබිණ.


-------------------------------------------

අවම දඩයෙන් පේන්නේ නොදන්නාකම ;බස් වර්ජනය ස්ථිරයි

15 November 2016 08:28

රථ වාහන වැරදි සඳහා අවම දඩය රු.2,500ක් කිරීමේ අයවැය යෝජනාවට එරෙහිව පෞද්ගලික බස් සංගම් ප්‍රධානීහු හෙට (15) දිනයේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති බස් වර්ජනය කිසිදු හේතුවක් මත ආපස්සට නොගන්නා බව පෞද්ගලික බස් සංගම් ප්‍රධානීන් පවසා සිටියි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනාකර ඇති මෙම වර්ජනය සදහා සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයද එක්ව සිටියි.

දැඩි අසාධාරණයක්

වර්තමානය වන විට මහා මාර්ගවල පවතින අධික රථවාහන ප්‍රමාණය සහ පවතින මහාමාර්ගවල ඉඩකඩ මදිකම නිසා රියැදුරන් අතින් මාර්ග නීති කඩවීම් ඕනෑතරම් සිදුවිය හැකි බවත් එවැනි තත්ත්වයකදී මෙවැනි දඩ මුදලක් ගැසීමට යෝජනා කිරීම අසාධාරණ බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ  සංගමයේ  සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය.

 ඉතිහාසයේ මීට පෙර පැවැති රජයන් විසින් අයවැය සකස් කිරීමේදී පෞද්ගලික බස් සංගම්වලින් අදහස් විමසීමක් සිදුකරන නමුත් වත්මන් රජය ඉදිරිපත් කළ අයවැය දෙකේහිදීම පෞද්ගලික බස් රථ හිමියන්ගෙන් අදහස් විමසීමක් නොකළ බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ‍ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවැසීය.

සාමාන්‍ය විදියට පාරේ ගියා නම් තේරෙයි
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට මේ රටේ මහාමාර්ගවල පවතින සාමාන්‍ය තත්ත්වය පිළිබඳව කිසිදු වැටහීමක් නොමැති බව මෙවැනි දඩ මුදලක් පැනවීමෙන් ඔප්පුවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් මෙය නොතේරීම කණගාටුවට කරුණක් බවත් අංජන ප්‍රියංජිත් මහතා කියා සිටියි.

මෙවැනි දඩ මුදලක් පැනවීමෙන් බරපතළ අපහසුතාවට පත්වන්නේ පෞද්ගලික බස් රථ  රියැදුරන් නිසා බස් රියැදුරු හා කොන්දොස්තර සංගම්ද මෙම වර්ජනයට එක්ව තිබේ.  ඊට අමතරව රථ වාහනයක් පදවන සියලුම රියැදුරන්ට මෙම දඩය බලපාන නිසා සියලුම රථවාහන සංගම් හා ‍පොදුවේ සිවිල් සමාජවලටත් මෙකී දඩ මුදලට එරෙහිව නැගී සිටින ලෙස බස් සංගම් ප්‍රධානීහු ඉල්ලා සිටියි.

කෙසේ වෙතත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සදහන් කරන්නේ මෙවැනි තීරණයක් ගනු ලැබුවේ දහස් ගණනක් වූ රථ වාහන ධාවකයින් සහ පදිකයින්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා බවයි.

සබැදි පුවත්

දඩේට රවීගෙන් අඩයක් තියයි !

අලුත් දඩය ඉවත් කර නොගත්තොත් බස් නෑ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top