nsb

Nov 15, 2016

'රාවය' මෙහෙවරට තිස් වසරයි - අපේ සුබ පැතුම් !

'රාවය' පුවත්පත සිය පටිසෝතගාමී අභිචාරිකා මාධ්‍ය මෙහෙවරෙහි තිස්වන වසර මෙම නොවැම්බරයේ දී සපුරන අතර ඒ නිමිතෙන් වූ විශේෂ සංවත්සර උත්සවයක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) හිදී අද (15) සවස පැවැත්වේ.

පසුගිය තිස් වසර තුළ ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනික මැදිහත්වීම් විෂයෙහි අතිවිශාල වැඩ කොටසක් 'රාවය' පුවත්පත විසින් ඉටු කරනු ලැබීය.

මෙරට සිංහල පුවත්පත් ඉතිහාසය තුළ ස්වකීය අනන්‍යතාව නිශ්චිතව සලකුණු කරගත් 'රාවය', අන්තර්ගතයෙන් මතු නොව ආකෘතියෙන් ද නව මානයන් සොයා වෙහෙස වී අරගල කළ සුවිශේෂී පුවත්පතකි.

විශේෂයෙන්ම ලංකාවේ ජාතික ප්‍රශ්නය අරබයා රාවයේ මාධ්‍යභාවිතය ඓතිහාසික මෙන්ම ප්‍රශංසනීය ය.

වික්ටර් අයිවන්ගේ කර්තෘත්වයෙන් ආරම්භ වී කේ.ඩබ්ලිව්. ජනරංජනගේ කර්තෘත්වයෙන් වත්මනෙහි පෙරට යන රාවයට, 'ශ්‍රී ලංකා මිරර්' කර්තෘ මණ්ඩලය, සිය සහෝදරාත්මක ශුභාශිංසනය මෙසේ පළ කර සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top