Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 15, 2016

අර්ජුන් 'ස්වර්ණවාහිනීය' මිලදී ගැනීමට යයි

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපතිගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් මහතා 'ස්වර්ණවාහිනී' මාධ්‍ය ජාලය මිලට ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ සඳහා අගමැතිවරයාගේ ද මුදල් ඇමතිවරයා ගේ ද ආශීර්වාදය හිමිව ඇතැයි ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේවුවද මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී එම ආයතනයේ වත්මන් සභාපති මනෝ තිත්තවැල්ල මහතා කියා සිටියේ එම පුවත් මුළුමනින්ම අසත්‍ය බවයි. 'ස්වර්ණවාහිනී' මේවනවිට ලාභ ලබන ආයතනයක් බවට පත්කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මේ අතර, 'මව්බිම' පුවත්පතින් ඉල්ලා අස්වූ තුෂාර ගුණරත්න හා උපුල් ජෝසෆ් ප්‍රනාන්දු යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සමග එක්වී ලබන වසර මුලදී ජාතික පුවත්පත් ජාලයක් ගොඩනැගීමට අර්ජුන් ඇලෝසියස් මහතා කටයුතු කරමින් සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top