Nov 15, 2016

කෝටි 3ක් පාඩු කළ වාහනේ මුදල් ඇමතිගෙයි !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවන තීරු බදු රහිත බලපත්‍රය උපයෝගී කර ගනිමින් මර්සිඩීස් බෙනස් GLS 350 කාණ්ඩයේ අධි සුඛෝපභෝගී රථය ලංකාවට ගෙන්වා ඇත්තේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාය.

මේ ආකාරයට අදාළ මෝටර් රථය ගෙන්වීමෙන් රජයට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි තුනකට අධික බව පැවසේ.

ඇමරිකාවේ සිට ඔහු එම රථය මෙරටට ආනයනය කර ඇති අතර පසුගිය 02 වැනිදා කොළඹ වරායට පැමිණි එම රථයේ CIF වටිනාකම දැක්වෙන්නේ යූරෝ 55000 ලෙසයි.

අයවැයෙන් සාමාන්‍ය ජනතාව මිලට ගන්නා කුඩා මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ දෙකකින් පමණ ඉහළ නංවා ඇති අවස්ථාවක යහපාලන රජයේ ඇමතිවරුන් රජයට මිලියන ගණනින් අලාභ කරමින් මෝටර් රථ ගෙන්වමින් කනගාටුදායක බව ආර්ථික විශේෂඥයෝ කියති.

අදාළ, මෝටර් රථය ගෙන්වීමේදී එහි ආනයනික ආයතනය ලෙස කටයුතු කර ඇත්තේ Metropolis Clearing Agencies නැමැති සමාගමයි.

මුදල් ඇමති රවී කරුණානායක විසින් මර්සිඩීස් බෙනස් GLS 350 කාණ්ඩයේ අධි සුඛෝපභෝගී රථය ගෙන්වීමට අදාළ බව කියන ලිපි ලේඛන පහත දැක්වේ.

Ravidoc

Ravidoc2

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top