Nov 15, 2016

අයවැයෙන් සල්ලි මදි ; මහ ඇමතිවරු ජනපති හමුවට

පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා හරහා පළාත් සභාවලට වෙන්කරන ලද මුදල් ප්‍රමාණවත් නොවන බවට පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ලබන 22 වැනිදා මෙවර අයවැය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් තීරණය කර තිබේ.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සඳහන් කළේ මෙවර අයවැය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් තීරණය කර ඇති බවයි.

පළාත් සභාවල වර්තමාන තත්ත්වය පිළිබඳව හා එළඹෙන වසර සඳහා මුදල් වෙන්කළ ආකාරය පිළිබඳව මෙහිදි දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් සඳහන් කරයි.

පළාත් සභාවලට අදාළ අයවැය ඉදිරිපත් කිරීමට ප්‍රථම ජනාධිපතිවරයා සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඉතා වැදගත් බව ද පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් පෙන්වාදෙයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top