Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 15, 2016

ආවා කල්ලියේ නායකයා ඇතුළු 38ක් අත්අඩංගුවේ

ආවා කල්ලියේ බව පැවසෙන සාමාජිකයින් 62ක් හඳුනාගෙන ඇති බවත්, ඉන් 38 දෙනෙකු මේවන විට අත්අඩංගුවට ගෙන ඇති බවත්, නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (15දා) පැවසීය.

ආවා කණ්ඩායමේ නායකයා ලෙස සැලකෙන කුමරේෂ්වර් විනෝදන් ද මේ වන විට අත්අඩංගුවේ පසුවන බව අමාත්‍යවරයා සදහන් කර සිටියේය.

එම කණ්ඩායම පළමු කඩුව ගෙන්වා ඇත්තේ බ්‍රසීලයෙන් බවත්, එය පළමුව ඉන්දියාවට ගෙනැවිත් එතැන් සිට ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇති බවත්, එසේම තවත් එවැනි ආයුධ ඔවුන් විසින්‍ හදාගෙන ඇති බවත්. අමාත්‍යවරයා එහිදී කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස හෙතෙම මේ බව කියා අනාවරණය කළේය.

ඒ අනූව අදාළ කල්ලියේ බවට සැක කරන ප්‍රධාන සාමාජිකයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බවද හෙතෙම පවසා තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ සාමාජිකයින් අතර හමුදාව වෙනුවෙන් සේවය කළ ද්‍රවිඩ තරුණයෙකු සිටින බවත්, ඔහු මේවන විට රිමාන්ඩ් බාරයේ පසුවන බවත්, අනාවරණය කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top