nsb

Nov 15, 2016

ජනපතිගේ ප්‍රතිපත්තිවලට පටහැනි අයවැය යෝජනාවක් !

දුම්කොළ සහ මධ්‍යසාර භාවිතාව වැළැක්වීම පිණිස පිහිටුවා ඇති ජනාධිපති අරමුදල වෙත රුපියල් මිලියන 500ක් ලබාදීමට මෙවර අයවැය යෝජනා මගින් ලංකා දුම්කොළ සමාගමට දැනුම්දීම මතබේදයට තුඩුදී තිබේ.

ආණ්ඩුවේ අයවැය යෝජනාව ඉල්ලීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ නිවාරණ සම්මුතියේ 13 වැනි වගන්තියට හරස්ව යන බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාධාරීහු පෙන්වා දෙති.

ශ්‍රී ලංකාව මෙම සම්මුතියට එකඟවී ඇති ප්‍රධානතම රටවල් වලින් එකකි.

ලංකා දුම්කොළ සමාගම වෙතින් ලබාගැනීමට අපේක්ෂිත මෙම ප්‍රදානය දුම්පානය පිටුදැකීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත පිරිනැමෙනු ඇත.

සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ නිවාරණ සම්මුතියේ 13 වගන්තිය ට අනුව දුම්කොළ සමාගම් සමඟ එකඟතාවයන්ට සහ සම්මුතියන්ට එළඹීම අදාළ රටවලට කළ නොහැක්කකි.

දුම්කොළ සමාගම් පැනලා එකඟවේවි :

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් ප්‍රකාශ කරන්නේ රජයේ මෙම යෝජනාව දුම්කොළ සමාගම් රාජ්‍ය ප්‍රතිපත්ති සඳහා වක්‍ර ලෙස මැදිහත් වන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් දේශීය සහ විදේශීය වශයෙන් කරනු ලබන ප්‍රකාශයන්ට පරස්පර වන බවයි.

එසේම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගියදා ඉන්දියාවේ පැවති දුම්කොළ භාවිතය පාලනය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කළ විශේෂ සමුළුව අමතමින් දුම්කොළ පාලනය සම්බන්ධයෙන් ගෙන යන ප්‍රතිපත්ති සහ නීතිරීතිවලට බලපෑම් කිරීමට දරන සියලූම ප්‍රයත්නයන්ට එරෙහිව එක්ව නැගී සිටිය යුතු බව ප්‍රකාශ කර සිටියේය.

” අපි දන්නවා දුම්කොළ කර්මාන්තයේ නියැලුණු පිරිස් රජය මඟින් ගෙන යන දුම්කොළ විරෝධී වැඩසටහන් වලට විරෝධය දක්වන පිරිස් වලට සහය දීමට ඉදිරියට පැමිණෙමින් මාධ්‍ය වලට ඒත්තු ගැන්වීමට උත්සහ කරනවා. මම හිතන විදිහට දුම්කොළ සමාගම් සමඟ කිසිදු අනුකම්පා සහගත ක්‍රියාවලියකට අප සහයෝගය දිය යුතු නැහැ,” ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමුළුව අමතමින් ප්‍රකාශ කළේය .

එසේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙවැනි යෝජනා සඳහා දුම්කොළ සමාගම් සිය කැමැත්තෙන් ම එකඟ වන බවත්ය.

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top