nsb

Nov 16, 2016

පැරණි 'වමේ පක්ෂ' බැසිල් සමග එක්වීමට යයි !

'මල් පොහොට්ටුවට' යටතේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති 'ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ'ට එක්වීමට ලංකාවේ පැරණි වමේ පක්ෂ තීරණය කර ඇතැයි වාර්තාවේ.

'මල් පොහොට්ටු'  පක්ෂයේ ප්‍රධාන මෙහෙයුම්කරු වන්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ය.

'සමාජවාදී ජනතා පෙරමුණ' විසින් ඊයේ කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්ගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගත වීමට වමේ පක්ෂ තීරණය කර ඇතැයි  ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේද පැවසිය.

“ජී.එල් පීරිස් මහචාර්යතුමා සභාපතිතුමාවෙලා ඉන්නවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂයේ. ඒ පක්ෂය එක්ක සම සමාජ පක්ෂය , කොමිනිස්ට් පක්ෂය , ප්‍රජාතාන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ , දේශවිමුක්ති ජනතා පක්ෂය , මහජන පක්ෂය , සමාජවාදී පක්ෂ , අනෙකුත් පක්ෂ අපි ඉදිරි කාලයේදී සන්ධානගතවෙන්න බලාපොරොත්තු වෙනවා.

අපි ඒ පක්ෂයට සුබ පතන ගමන් අතරමංවෙලා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට මාර්ගයක් , නියම බණ්ඩාරනායක ප්‍රතිපත්ති නැවත ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙන ගමන් අපි ඒ පක්ෂය එක්ක අත්වැල් බැඳගෙන මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ඉදිරියට යන බලවේගයක් මේ ආණ්ඩුව යන මේ ජනතා දේශදෝහී ගමනට විරුද්ධව ක්‍රියාකිරීමට බලාපොරොත්තු වෙනවා...''

අතරමං වී සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට නියම මාර්ගය වන්නේ නව පෙරමුණ බව ඔහු මෙහිදී කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top