nsb

Nov 16, 2016

රනිල්ගේ පර්මිට් එක පුස් කනවලු

තමාට හිමි බදු නිදහස් බලපත්‍රයෙන් තවමත් මෝටර් රථයක් මිලදී නොගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (15දා) පැවැසීය.

රාවය පුවත්පතේ 30 වැනි සංවත්සරයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.

''මටත් පුද්ගලික ආදායමක් නොලැබුණානම් පර්මිට් එක විකුණන්න වෙනවා. හැබැයි මම එකක් කියනවා. ලංකාවේ ඊළග අගමැතිවරයාට පර්මිට් එක විකුණන්න වෙන තත්ත්වයක් ඇති කරන්න එපා." යැයි ඔහු පැවැසීය.

එසේම ලංකාවේ පුවත්පත් කතුවරුන්, රූපවාහිනී සේවා වන පුවත් ඇතුළු අනෙකුත් අංශ ප්‍රධානීන් ලබාගන්නා වැටුපට වඩා අඩු වැටුපක් ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ලබාගන්නා බවද හෙතෙම කියා සිටියේය.

"රාවය පුවත්පත සමග මම එකග වූ අවස්ථාත් විරුද්ධ වුණ අවස්ථාත් තිබෙනවා. රාවය ආරම්භ කරපු නිසා මට විපක්ෂයට යන්න වුණා. විපක්ෂයේ කොහොමද කටයුතු කරන්නේ කියලා ඒ කාලයේ ඉගෙන ගත්තා'' යනුවෙන්ද අග්‍රාමාත්‍යවරයා ‍මෙහිදී සදහන්කර සිටියේය

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top