Nov 16, 2016

අනුර සේනානායක ආයෙත් ඇතුළට

 රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට සම්බන්ධ බව කියමින් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා නොවැම්බර් 30 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (16දා) නියෝග කළේය.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල් ඩිලාන්  රත්නායක මහතා  පැවසුවේ තාජුඩීන්ගේ ඝාතනය සිදු වු දිනයේ දී  පැය කිහිපයකට  පෙර  ඔහුගේ යහළුවකු  වන අහමඩ් සෆර්ට  ලැබී ඇති දුරකතන ඇමතුම්  සම්බන්ධයෙන්  විශේෂ විමර්ශනයක් සිදු කරන බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top