Aug 12, 2017

මත්ද්‍රව්‍ය නාශක හා අපරාධ මර්දනයත් ලතීෆ්ට දෙයි !

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා දැනට වගකීම් දරණ පොලිස් විශේෂ කාර්ය බලකා (එස්ටීඑෆ්) අණදෙන නිලධාරී ධූරයට අමතරව මත්ද්‍රව්‍ය නාශක අංශය හා අපරාධ මර්දන අංශය ද භාරදී තිබේ.

ලතීෆ් මහතා, පොලිස් විශේෂ කාර්ය බළකාය නියෝජනය කළ කීර්තිමත් නිලධාරියකු වන අතර ඔහු විශේෂ කාර්ය බළකා ප්‍රධානී තනතුරට පත් කරනු ලැබුවේ 2016 අගෝස්තු 19 වැනිදාය.

ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත ඉමහත් තර්ජනයක් වූ කොක්අඩිචෝලේ බේරුට් බේස් එල්.ටී.ටී.ඊ. කඳවුර විනාශ කිරීමට 1987 දියත් කළ මෙහෙයුම ඇතුළු ක්‍රියාන්විත කිහිපයක් සඳහා ඔහු ක්‍රියාකාරීව දායකවූවෙකු ලෙස සැලැකේ.

කෙසේවුවද, ලතීෆ් මහතා පොලිස් විශේෂ කාර්ය බළකා සේනාවිධායක ‍‍‍ලෙස පත් කිරීම නීතිවිරෝධී බවට පසුගිය දිනවල පොලිස් කොමිසමේ යෝජනාවක් සම්මත වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඒ මෙම තනතුරට පත් කළ හැක්කේ නියෝජ්‍ය ‍පොලිස්පති තනතුර හොබවන නිලධාරියකු බව පවසමිනි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top