15976 BM WEB BANNER 01
Aug 13, 2017

බඩුම තමා : දඩම තමයි (වීඩියෝ)

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් පෞද්ගලික බස් හිමියන් සහ ත්‍රී රෝද රථ හිමියන් වෙන වෙනම සාකච්ඡා ආරම්භ කර ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රයන්ජිත් මහතා පැවසීය.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයෙන් සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ යෝජිත සංශෝධනය සම්බන්ධයෙන් සිය ස්ථාවරය ලබන අද දිනයේ ප්‍රකාශ කරන බවයි.

මේ අතර දඩ මුදල් සංශෝධනය කිරීමෙන් රජය අපේක්ෂා කරන්නේ අනතුරු අවම කිරීමට නම් එය ඵලදායි නොවන බව ජාතික ඒකාබද්ධ ත්‍රී රෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සමිතියේ ලේකම් රෝහණ පෙරේරා මහතා කියා සිටී

කෙසේ වෙතත් සමස්ත ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් දරන්නේ වෙනස් මතයක් වන අතැර එහි සභාපති සුදිල් ජයරුක් පැවසුවේ යෝජිත දඩ මුදල් සංශෝධනයෙන් වෘත්තීය ත්‍රී රෝද රථ රියදුරන්ට බලපෑමක් ඇති නොවන බවයි.

මුහුණු පොත

මේ අතර ෆේස්බුක් හා සමාජ ඡාල තුළ මේ තීන්දුව දැඩි ලෙස විවේචනය කර තිබේ.

කෙසේවුවද, නෙත් එෆ්.එම්. අටපාස් මුදාහැර ඇති විවේචනාත්මක ගීත වීඩියෝවකට ද ෆේස්බුක් සමාජ ජාලය තුළ ඉතා විශාල ප්‍රතිචාරයක් ලැබී තිබේ.

දඩය 25,000 වුද 15,000ක් පොලිසියට අල්ලස් ලෙස දී මේ වරදින් ගැලවිය හැකි බවයි ඉන් පෙන්වා දී ඇත්තේ. එසේම පොලිසිය අල්ලස් ගැනීමත් මාර්ග නීති කැඩීමත් සමාජ ජාල තුළ ඉතා ජනප්‍රිය මාතෘකාවක් වන අතර නව දඩ ක්‍රමය හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව සමාජ ජාල තුළ තවත් හෑල්ලුවට ලක්ව ඇති බව සමාජ ජාල ප්‍රවීනයන්ගේ මතය වී තිබේ.

අදාළ වීඩියෝව පහත දැක්වේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top