15976 BM WEB BANNER 01
Aug 13, 2017

දක්ෂිණ අධිවේග මගේ 5ක් එකට හැපෙයි (ඡායා)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුම ආසන්නයේදී රථ වාහන පහක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.

මේ අනතුර සිදුව ඇත්තේ ඊයේ (12) රාත්‍රියේ වන අතර අනතුර හේතුවෙන් රථවාහන තදබදයක් පැවති බව පොලිසිය සඳහන් කළේය.

කොළඹ සිට ගාල්ල දක්වා වාහන ගමන් කරන එක් මන්තීරුවක සිදු වු මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනෙකු හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත.

මේ හේතුවෙන් කොට්ටාව සිට ගාල්ල දෙසට ගමන් ගන්නා මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබු අතර පොලිසිය මැදිහත් වී අනතුරට ලක් වු වාහන ඉවත් කිරීමට කටයුතු කර ඇත.

නිමල් අලගෙවත්ත - ගාල්ල වාර්තාකරු

high acsi 1high acsi 2high acsi 3high acsi 4

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top