nsb

Nov 17, 2016

පොහොට්ටුවේ මංගල රැස්වීමට බැසිලුත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු මාධ්‍ය හමුව අද(17දා)  බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපතිරවයාගේ සම්බන්ධීකරණ කාර්යාලයේදී පැවැත්වුණි.

පක්‍ෂ සභාපති හිටපු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස්, ලේකම් නීතිඥ සාගර කාරියවසම් එහි පැමිණි අතර පක්‍ෂයේ පළමු සාමාජිකයා ලෙස හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ ද එයට එක් වූයේය.

එම අවස්ථාවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය සාමාජික කාඩ්පත මාධ්‍යවේදීන් වෙත පෙන්වනු ලැබුවේය.

මෙහිදී අදහස් දක්වමින් ජී.එල්. පීරිස් මහතා කියා සිටියේ පක්ෂයේ පළමු සාමාජික කාඩ්පත් 100 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා වෙන් කර ඇති බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top