Nov 17, 2016

අනුරගේ තිහේ කැබිනට් ප්‍රශ්නයට මෛත්‍රීගෙන් උත්තරය (වීඩියෝ)

රාවය පුවත්පතට වසර 30ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහාතා කියා සිටියේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ඇමතිවරු සිටිය හැක්කේ 30 දෙනෙකු පමණක් බවයි.

එසේම, නියෝජ්‍ය රාජ්‍ය අමාත්‍යවරු ගණන 40ක් බවත්, අමාත්‍යවරු 30, 48 දක්වා වැඩිවන්නේ මන්දැයි ජනතාව දැනගතයුතු බවද ඔහු කියා සිටියේය.

මෙහිදී, අදහස් දැක්වූ රාවය පුවත්පතේ ආරම්භක කර්තෘ වික්ටර් අයිවන් මහතාද අදහස් දක්වමින් කියා සිටියේ රාජපක්ෂ රෙජීමය පෙරලීමෙන් පසුව මොරසූරණ වැස්සක් බලාපොරොත්තු වුවද ඇදවැටුණේ පොද වැස්සක් බවයි.

කෙසේවුවද, ඉන් පසුව සභාව ඇමතූ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනුර දිසානායක හා වික්ටර් අයිවන්ගේ ප්‍රශ්නවලට මෙලෙස උත්තර බැන්ඳේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top