Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 18, 2016

ඥානසාර හිමිට එරෙහි නඩුව ජනවාරියේ

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව පවරා ඇති නඩුව ජනවාරි මස 11 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

හෝමාගම  මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් අදාළ නඩුව ගොණු කර ඇති බව සඳහන්ය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් වන නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ අධිකරණ භූමියේ අධිකරණයට අපහාස වන ආකාරයෙන් හැසුරුණු බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ඥානසාර හිමිට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.

 එම චෝදනා පත්‍රයට එරෙහිව මූලික විරෝධතා මතුකරන බව ඥානසාර හිමිගේ පාර්ශවයේ නීතිඥවරුන් සඳහන් කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top