Nov 18, 2016

'මව්බිම' ජාතික වැඩසටහනට රාජිත එක්වේ

පස් වැනි උපන් දිනය සමරන "මව්බිම" හා "Ceylon Today" පුවත්පත් ජාලය අද (18දා) සිට 25දා දක්වා පුරා සතියක කාලයක් (දින7) මුළු දිවයිනම ආවරණය වන පරිදි ලේ දන්දීමේ ජාතික වැඩසටහනක් සංවිධානය කර තිබේ.

රුධිර පාරවිලයන සේවය සමඟ එක්ව සංවිධානය කල මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද විශේෂ ආරාධිතයකු ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා ද එක්ව සිටියේය.

කොළඹ නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානය, කොළඹ ජාතික රෝහල, ශ්‍රී ජයවර්ධනපුර රෝහල ඇතුළුව දිවයින පුරා රෝහල් 96කදී අද පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළදී මේ ලේ දන්දීමේ ජාතික වැඩසටහන දියත් කෙරිණ.

"ඔබේ ඇඟේ දුවන්නේ මගේ ලේ වර්ගය" යන තේමාව යටතේ මෙකී ලේ දන්දීමේ ජාතික වැඩසටහන දියත් කෙරෙන අතර "මට විතරක් මගේ ලේ අයිති නෑ, එය ඔබටත්, ඔබ වැනි වූ වෙන කෙනකුටත් අයිති වෙනවා මිසක් ජාතියකට මගේ ලේ අයිති නෑ, ජාතියකට මගේ ලේ අයිති කර ගන්නත් බෑ." යන කාරණය මිනිසුන් තුළ කාවද්ද වීමද මෙම ජාතික ලේ දන්දීමේ වැඩසටහනේ අරමුණ විය.

ඔබටත් මේ පරමාර්ථය පෙරදැරි කරගෙන දිවයිනේ සෑම නගරයකම පිහිටි (පුවත්පතේ සඳහන් පරිදි) රෝහල් වෙත ගොස් මෙකී උදාර පුණ්‍යකර්මයට දායක විය හැකිය.

maubima

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top