Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
file photo file photo
Sep 01, 2017

පාකිස්තානුවාගේ ආමාශයෙන් හෙරොයින් ගුලි එළියට

හෙරොයින්  ගුලි වශයෙන්  සකස් කොට  ඒවා ගිල දමා  මෙරටට  පැමිණිමේ දී පසුගිය 26 දා කටුනායක ගුවන් තොටුපොළේ දී  අත්අඩංගුවට  ගනු ලැබු පකිස්තානු ජාතිකයා  ගිල දමා තිබී පිටතට  ගන්නා ලද ගුලි 37 හි හෙරොයින්  ග්‍රෑම් 367 ක් තිබු බව පොලිස්  මත්ද්‍රව්‍ය කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටී. ලුඩුවයික් මහතා පවසයි.

මෙම පාකිස්තානු ජාතිකයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් මේ මස 04 දා තෙක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට ගත් අවසරය මත ,කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මූලස්ථානයේ තබාගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇත.

මෙම පුද්ගලයා ඉකුත් 28  වැනිදා දහවල් 2.30 ට පමණ පාකිස්තානයේ ලාහෝර් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 186 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top