Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 19, 2016

ජනපති, අගමැතිගෙන් අන්තවාදීන්ට එරෙහිවන්න පොලිසියට උපදෙස්

ජාතිය සහ ආගම මත පදනම්ව අන්තවාදී ලෙස ක්‍රියා කරන සියළුදෙනාම ජාතිය, ආගම, කුලය තරාතිරම නොබලා වහාම අත්අඩංගුවට ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පොලීසියට උපදෙස්දී ඇතැයි වාර්තා වේ.

ජාතිවාදී, ආගම්වාදී සහ අන්තවාදී ලෙස ක්‍රියාකරන ඕනෑම අයකු සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ උතුරේ හෝ දකුණේ කියා නොව එක්සත් ශ්‍රී ලංකාවක් යන සංකල්පය මත පදනම්වයැයිද මොවුන් දෙදෙනාම අවධාරණය කර ඇතැයි පැවසේ.

යාපනයේ ක්‍රියාත්මක ”ආවා” කල්ලියේ තිස් අට දෙනෙකු අත්අඩංගුවට ගත්තා සේම ජාතිවාදය සහ ආගම්වාදය පතුරන දකුණේ සිංහල සහ මුස්ලිම් අන්තවාදීන්ද අත්අඩංගුවට ගන්නා බව පොලීසිය කියයි.

පොලොන්නරුවේදී සිංහල ජාතිකයෙකුත් මුස්ලිම් සංවිධානයක ක්‍රියාකාරිකයෙකුත් අත්අඩංගුවට ගනු ලැබුවේ රට අස්ථාවර වන අයුරින් ජාතිවාදය සහ අන්තවාදය පතරුවාහැරිය නිසා බවද ආරක්‍ෂක මේ අතර අංශ කියා සිටී.

- සුජිත් මංගල ද සිල්වා

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top