Nov 19, 2016

'බැදුම්කර හොරුන්ට පත්තර කරන්න දෙන්නේ නැහැ' – රාජිත

බැදුම්කර මගඩියේ මුදල්වලින් පත්තර, රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි ආරම්භ කිරීමට කිසිඳු ලෙසකින් ඉඩ නොදෙන බව රජයේ සම කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි.

ඔහු එබව සඳහන් කලේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ 'මව්බීම' හා 'සිලෝන් ටුෙඩි' පුවත්පත්වල 05 වන වර්ෂ සැමරුම වෙනුවෙන් ඊයේ (18) පැවති විශේෂ උත්සවයකදීය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසිය.

''මිනී මරලා හරි සල්ලි හොයන යුගයක් තමයි වර්තමානයේ තිබෙන්නේ. එතනෝල් විකුණලා, මහබැංකුෙවි දුෂණ වංචා සිදු කරලා සොයාගත් මුදල් වලින් සමහරු පත්තර පටන්ගන්න හදනවා. රූපවාහිනී නාලිකා ගන්නවා.ගුවන්විදුලි සේවා ආරම්භ කරනවා. දැන් ඉතිං අපට පහර දෙයි.

උදවි කරනවා කියලා තමයි පටන් ගත්තේ. එවැනි පුද්ගලයින් සමග අපේ ගමනක් නැහැ. මාධ්‍ය හැමවිටම අවබෝධයෙන් කටයුතු කළ යුතු වෙනවා.

හොද යහපත් දේශයක් ගොඩනැගීමට මාධ්‍යයට විශාල සේවාවක් ඉටු කළ හැකි වෙනවා. අපි බය නැතිව ක්‍රියා කරනවා. මුදල් වලට නැමෙන් නැතිව අපි අදහස් ප්‍රකාශ කරනවා. ඇතැම් අය කැසිනෝ ගහලා පත්තර මුද්‍රණය කරනවා.

පළමුව එන්නේ පුවත්පතෙන්. පසුව විවිධ ව්‍යාපාර සිදු කරනවා. දේශපාලනඥයින්ටත් තර්ජනය කරනවා. දේශපාලනඥයින්ට බැනලා වැඩක් නැහැ. මාධ්‍යයත් එයයි කරන්නේ.”

(ජායා හා සටහන -නිපුන් ඒකනායක)

සබැඳි පුවත් :

ස්වර්ණවාහිනීයෙන් ජාතික පුවත්පතක් ! අර්ජුනත් සම්බන්ධයි !!

අර්ජුන් 'ස්වර්ණවාහිනීය' මිලදී ගැනීමට යයි 

ඇලෝසියස්ගේ වත්කම් ගැන ආණ්ඩුවටත් සැකයිලු !

Badumkara1 600xp 16 11 19

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top