Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
දුෂිතයන් රැකීමට අවරණය ලබාදීම වෙනුවෙන් ගෙවන්නට සිදු වූ වන්දියක් .. දුෂිතයන් රැකීමට අවරණය ලබාදීම වෙනුවෙන් ගෙවන්නට සිදු වූ වන්දියක් ..
Sep 07, 2017

ජනතා විශ්වාසය යලි රැගෙන ආ නඩු තීන්දුවක් !

අධිකරණය කෙරෙහි යලි ජනතා විශ්වාසය රැගෙන ආ සියලු පාර්ශවයන්ට කැෆේ සංවිධානය ස්තුතිය පළකර සිටියි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා විසින් නිකුත්කල නිවේදනයක එබව සඳහන්වේ.

එහි මෙසේද සඳහන්වේ.

''මැතිවරණ දෙපාර්තමේන්තුවට, අප සමග එක්ම සටන් කළ පැෆරල්, CMEV, ට්‍රාන්ස්පේරන්සි ඇතුලු මැතිවරණ නිරීක්ෂන සංවිධාන, දැනට වසා දමා ඇති දුෂණ විමර්ශන ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර, තුසිත් මුදලිගේ, ජවිපෙ වසන්ත සමරසිංහ ඇතුළු සියලු දෙනා ට ස්තුතියි.

2015 ජනාධිපතිවරණයේ දී අප මහජන දේපල අයථා පරිහරණය ගැන කටයුතු කළේ අතිශයින් දුෂ්කර පරිසරයක ය.

අධිකරණය පිළිබද ජනතා විශ්වාසය රැකුණු නඩු තීන්දුවක ගෞරවය ගිහාන් කුලතුංග විනිසුරුවරයාට හිමි විය යුතුය.

මෙම නඩු තීන්දුව දුෂිත හිස උදුම්මාගත් රාජ්‍ය නිලධාරීන්ට අනාගතයේ කිසිදු දිනයක ‘මහජන දේපල අයථා පරිහරණය, දේපල අවභාවිතය සිදු නොකිරීමට පාඩමකි.

දුෂිතයන් රැකීමට අවරණය ලබාදීම වෙනුවෙන් ගෙවන්නට සිදු වූ වන්දියකි.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top