15976 BM WEB BANNER 01
Nov 19, 2016

'වාහන දඩය 25,000ක් කරන්න' - රාජිත

මාර්ග නීති කඩ කිරීමේ දඩය රුපියල් විසිපන්දහස දක්වා වැඩි කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මාර්ග අනතුරු පාලනය කිරීම සඳහා නීති පද්ධතිය කඩිනමින් සංශෝධනය කළ යුතු බවයි.

විනයවත් රටක් නිර්මාණය කිරීම සඳහා ශක්තිමත් නීති පද්ධතියක් තිබිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පාසල් බස් රථ රියදුරන් සහ ත්‍රීරෝද රථ රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

01

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top