Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Sep 10, 2017

මෝටර් රථ වැරදි : 25,000 දඩයට සියල්ල සුදානම් !

රථ වාහන වැරදි 05ක් සඳහා රුපියල් 25,000 බැගින් වු දඩ මුදලක් නියම කිරීම ඇතුළු රථ වාහන දඩ මුදල් වැඩි කිරීමට අදාළ ගැසට් නිවේදනය මෙම මස තුළ දී නිකුත් කිරීමට කටයුතු කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා සඳහන් කළේ ඊට අදාළ සියලූ කටයුතු මේ වන විට සකස් කර අවසන් බවයි.

ඒ අනුව මේ මස අවසන් වෙද්දී ඒ සම්බන්ධයෙන් වූ ගැසට් පත්‍රය නිකුත් කිරීමට හැකි වනු ඇති බවත් ඊට අදාළ කරුණු සියල්ල මේ වන විට සම්පාදනය කර ඇති බවත් ඔහු පැවසිය.

නීතිය ක්‍රියාත්මක කිරීම සහ දඩ මුදල් අය කිරීම ගැසට් පත්‍රයේ සඳහන් දිනයේ සිට සිදු කෙරෙන බව ඔහු ප්‍රකාශ කළේය.
 
විසිපන්දහසේ දඩය පිළිබඳව රථවාහන සංගම් දෙකක් විරෝධතා දැක්වූ බවත් ඔවුන්ගේ කරුණු සැළකිල්ලට ගනිමින් කරුණු දෙකක් පිළිබඳව දක්වන ලද විරෝධතා සැළකිල්ලට ගෙන විසිපන්දහසේ දඩ සීමාව ඉන් ඉවත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර යතුරුපැදිවල හෙල්මටය සම්බන්ධයෙන් වූ නීති ඇතුළත් ගැසට් පත්‍රයද නිකුත් කිරීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් පැවසිය.

(නෙත් නිව්ස්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top