nsb

Nov 19, 2016

පැපිලියාන ෆැෂන් බග්හි ගින්නක් : “පහරදීමක් නොවෙයි” Featured

බොරලැස්ගමුව, පැපිලියානේ පිහිටි ෆැෂන් බග් ගබඩා සංකීර්ණයේ මේවන විට ගින්නක් හටගෙන තිබේ.

එය කිසිවකු විසින් සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බව ශ්‍රී ලංකා මිරර් පොලිස් මූලස්ථානයෙන් කළ විමසීමකදී කියා සිටියේය.

පොලිස් පරීක්ෂණ සඳහා අවශ්‍ය සාක්ෂි ලබා ගැනීම සඳහා එම ගබඩා සංකීර්ණයේ CCTV සාක්ෂි ලබා ගැනීමට ගිය අවස්ථාවේ පොලිසිය හා එහි ප්‍රධානීන් අතර යම් බහින්බස්වීමක් සිදුවූ බවත් එය මේවන විට සමතයකට පත්ව ඇතැයිද පොලිසිය සඳහන් කළේය.

කෙසේවුවද, ෆැෂන් බග්හි ගින්න නිවාදැමීමට මේවන විට ගිනිනිවන හමුදාව, ප්‍රදේශවාසීන්, පොලිසිය හා නගර සභා සේවකයන් එක්ව සිටින බවද වාර්තා වේ.

ගින්න නිවීම අපහසුව ඇත්තේ අදාළ ප්‍රදේශයේ අද(19) දිනයේ ජල කැපීමක් සිදුව ඇති බැවින් ගිනිනිවන හමුදාවට ජලය ලබා ගැනීම අපහසුවී ඇති බැවින් බවද පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top