Sep 12, 2017

අරුන්දික ඇමතිකමින් දොට්ට : සාමූහික වගකීම කඩ කළැයි චෝදනා (update)

සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත්කර ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයක් නිකුත් කර ඇත.

ජනපති ඔහු ඇමතිකමින් ඉවත්කර ඇත්තේ සාමූහික වගකීම ඉවත් කිරීම නිසාය.

ඒ අනුව වාහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්කර තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා ඒකාබද්ධ විපක්ෂයට එක්වෙන  බවට තොරතුරු වාර්තා වූ අතර ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වරක් ජපානයේදීද හමුව තිබිණි.

මේ අතර පසුගියදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුං මහත්මිය හා අරුන්දික ප්‍රනාන්දු මහතා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවූ බවට තොරතුරු වාර්තාවිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top