15976 BM WEB BANNER 01
Nov 20, 2016

'මාධ්‍ය ගැන පියවරක් ගන්නවා -අගමැති (වීඩියෝ)

මාධ්‍ය ආයතන පුවත් වාර්තා කිරීමේදී මීට වඩා සැලකිලිමත් විය යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එසේ නොවන්නේ නම් පියවරක් ගැනීමට සිදුවන බවද ඔහු සදහන් කලේය.

අද දෙරණට රතු එළියක් !

අනතුරුව අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා, 'අද දෙරණ' රුපවාහිනි නාලිකාවට රජයෙන් බලපෑම් එල්ලවී ඇතැයි පවසමින් ඊට විරෝධය පළකළේය.

ජනාධිපතිවරයාගේ කතාවක් විකෘති කර ප්‍රචාරය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දින හතක් ඇතුළත කරුණු ඉදිරිපත් කරන ලෙස දන්වා 'දෙරණ' මාධ්‍ය ආයතනය වෙත ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා විසින් ලිඛිතව දැනුවත් කිරීමක් කර තිබෙන බව මන්ත්‍රීවරයා එහිදී පැවසිය.

අදාළ ලිපිය මගින් දෙරණ රූපවාහිනි නාලිකාවට එරෙහිව ඉදිරි පියවරක් ගැනීමට පෙර මෙම කරුණු දැක්වීම සිදුකරන ලෙසට අනතුරු අඟවා ඇතැයි ද ඔහු කියා සිටියේය.



ජනපතිගේ ආන්දෝලනාත්මක කතාව :


පසුගිය ඔක්තෝබර් මස 12 වනදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයක දී ජනාධිපතිවරයා විසින් පවත්වන ලද කතාවේ හරය විකෘති වන ආකාරයට සංස්කරණය කොට එදින විකාශනය කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු ප්‍රතිංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා දෙරණ මාධ්‍ය ආයතනයේ විධායක අධ්‍යක්ෂකවරයා වෙත පසුගිය ඔක්තෝබර් 25 වන දින ලිපියක් මගින් දන්වා ඇත්තේ එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.


කෙසේවුවද මේ සම්බන්ධයෙන් දෙරණ රූපවාහිනිය සදහන් කරන්නේ, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දෙරණ මාධ්‍ය ජාලය වෙත මෙලෙස අනතුරු ඇඟවීමක් සිදුකර ඇත්තේ ජනාධිපතිවරයාගේ කතාව 'අද දෙරණ' වාර්තා කිරීමෙන් එහි අන්තර්ගතයට හානියක් සිදුවී නොමැති බවට දෙරණ මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂවරයා විසින් ඔක්තෝබර් මස 26 වනදා පුළුල් පැහැදිලි කිරීමක් ඔහු වෙත ලිඛිතව යවා ඇති පසුබිමකදී බවයි.

ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණා අදහස් දැක්වීම් වලට අදාළ ලිපි පහත පළවේ
Image 12 1

Image 13 1

Image 14

Image 15 1

Image 16 1

Image 17

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top