Sep 13, 2017

බස්නාහිර ප්‍රබල මහින්දවාදීන් තුනක් දොට්ට!

බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගුණසිරි ජයනාත් සහ පළාත් සභාවේ සභානායක සුනිල් ජයමිණි ඔවුන් දැරූ තනතුරුවලින් ඉවත්කොට ඇත.

ආණ්ඩු පක්ෂයේ නව ප්‍රධාන සංවිධායක ලෙස චන්දන ජයකොඩි සහ සභානායක වරයා ලෙස හෙක්ටර් බෙත්මගේ පත්කොට තිබේ.

ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා වූ මෙරිල් පෙරේරා ද ඉවත්කොට එම තනතුර සඳහා සුමිත් විජයමුණි සොයිසා පත්කොට ඇත.

ඔවුන් ඒකාබද්ද විපක්‍ෂයට හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවාදී කටයුතු කරන අය වෙති.

ජනාධිපතිවරයාගේ නියෝගයක් මත මහ ඇමති ඉසුර දේවප්‍රිය විසින් මෙම ඉවත් කිරීම සිදු කර ඇත.

දකුණේ ඇමතිකුත් නෙරපයි :

මේ අතර දකුණු පළාත් මහ ඇමති ශාන් විජේලාල්ද සිල්වා මහතා විසින් වීරසුමන වීරසිංහ මහතා දකුණු පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති ධුරයෙන් ඉවත් කර තිබේ.

මහ ඇමතිවරයා පළාත් ආණ්ඩුකාරයා ඉදිරියේ එම ඇමති ධුරයේද දිවුරුම් දුන්නේය.

වීරසුමන වීරසිංහ මහතා ඒකාබද්ද විපක්‍ෂයට හිතවත්ව හිටපු ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කරන අයෙකි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top