nsb

Nov 20, 2016

විමල් කුමාරද කොස්තා සමුගනියි Featured

ප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාරද කොස්තා මහතා අද (20දා) අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ කළුබෝවිල රෝහලේදීය.

සිංහල සිනමාවට නොමැකෙන මතක රැසක් කළ චරිතාංග නළුවෙක් වූ ඔහු 1948 දී උපත ලබා ඇති අතර ඒ මහතා මියයන විට 68 වන වියේ පසූවිය.

කැළණිය ගුරුකුල විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඔහු සිනමාව මෙන්ම ටෙලි නාට්‍ය ජයගත් චරිතාංග නළුවෙකි.

අහස් ගව්ව , එයා දැන් ලොකු ලමයෙක් , බඹරු ඇවිත් , ඇර සොයිසා , සරුංගලය , මරුවා සමග වාසේ , සාගරිකා , ඔහු රඟපෑ චිත්‍රපට අතරින් රසික සිත් ඇද බැඳගත් චිත්‍රපට කිහිපයකි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top