nsb

Nov 21, 2016

"නැත්ත වෙනුවට ඇත්ත"ට එරෙහි නඩුව මාර්තු 10 කැඳවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් රචිත "නැත්ත වෙනුවට ඇත්ත"කෘතියට එරෙහිව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් ගොනු කළ නඩුවක් විභාග කිරීම කොළඹ වානිජ මහාධිකරණය විසින් කල්තබා තිබේ.

ඒ අනුව අදාළ නඩුව මාර්තු 10/15 යන දිනවල විභාගයට ගන්නා බව කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න විසින් දන්වා තිබේ.

විමල් වීරවංශ විසින් රචිත කෘතියට ජවිපෙ දේශපාලන මණ්ඩලයට අයත් ලේඛන අනවසරයෙන් ඇතුළත් කිරීමෙන් බුද්ධිමය දේපළ කොල්ලකෑමක් සිදුකර ඇති බවත්, ඒ වෙනුවෙන් රු.මිලියන 10ක වන්දියක් අයකර දෙන ලෙසත් පැමිණිලිකාර ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා අධිකරණයෙන් ඉල්ලා මෙම නඩුව පවරා ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top