Sep 25, 2017

ආර්නි ගේ ක්‍රමේට ණයබරෙන් නිදහස් වෙමුද? (හඬපටය)

ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණදෙන ණයබරින් නිදහස් විය හැකි ක්‍රමය පිළිබඳව  නෝර්වේ හි දේශපාලඥයෙකු, ජනමාධ්‍යවේදියෙකු හා සන්නිවේදන විශේෂඥයෙකු හා වර්ල්ඩ්විව් ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ වන ආචාර්ය ආර්නි ෆියර්ටොෆ්ට් මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ අද (25) දිනයේදී ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ පැවති මාධ්‍ය වැඩමුළුවකදී ය.

මෙරට පවතින සම්පත් විධිමත් ලෙස භාවිතා කළහොත් එළැඹෙන විසි වසර තුළ මෙම සියලු ණයබරින් නිදහස් විය හැකි බව ඔහු මෙහිදී සඳහන් කළේය.

ෆියර්ටොෆ්ට් මහතා අදහස් දැක්වූයේ මෙසේය :

“ශ්‍රී ලංකාව හරිම පොහොසත් රටක්. ඒක මං හැමතිස්සෙම කියන දෙයක්. ඔබලා ගේ ස්වභාවික සම්පත් විධිමත් ලෙස භාවිතා කළහොත් මුදල් හෝ වෙනත් දේ වල අනාගතය සම්බන්ධයෙන් බයවෙන්න ඕන නෑ… ස්වීඩනයේ විදේශ විනිමයෙන් 60%ක් ලබාගන්නේ වනාන්තර මගින්. ශ්‍රී ලංකාවේ වන සම්පත් ස්වීඩනයට වඩා තුන් ගුණයක් අඩුවට හා ඉක්මනින් වර්ධනය කරගැනීමට පුළුවන්. කාටවත් මේ ගැන උනන්දුවක් නැති ගාණයි. ඔබලාට කොච්චර ඉඩම් තියෙනවාද?… ඔබලාට වනාන්තර වර්ධනය කරන්න පුළුවන්… විධිමත් විදියට සැලසුම් කළොත් ඊළඟ වසර 20 ඇතුළත තියෙන සියළු ජාත්‍යන්තර ණයබරින් නිදහස් වෙන්න පුළුවන්.”

“අනෙක් කාරණය තමයි සමුද්‍ර සම්පත. මේ රටේ ගොඩබිම් ප්‍රදේශය වගේ වඩා විසි ගුණයක් විශාල මුහුදු ප්‍රදේශයක් ඔබලාට පවතිනවා. මුහුද කියන්නෙ අනාගතයේ රන් ආකරයක්. මුහුදෙන් කොච්චර හොයන්න පුළුවන් වුනත් අපි ඒ ගැන හිතන්නවත් පටන් අරන් නෑ.” 

“අනෙක් කාරණය තමයි සමුද්‍ර සම්පත. මේ රටේ විශාලත්වයට වඩා විසි ගුණයක් විශාල මුහුදු ප්‍රදේශයක් ඔබලාට පවතිනවා. සමුද්‍රය යනු අනාගතයේදී රන් ආකරයක්. සමුද්‍රයෙන් කෙතරම් ආදායම් සොයාගැනීමට හැකි වුවත්, ඒ පිළිබඳව සිතීමටවත් ආරම්භ කර නැහැ.”

දියුණු වෙන්න බෑ

වසර 2016 සිට පුනර්ජනනීය බලශක්ති ක්‍රම සඳහා ඉඩකඩ වැඩි වුවත් ශ්‍රී ලංකාවේ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් පවසන්නේ මිල අඩුම බලශක්ති ක්‍රමවේදය වන්නේ ගල්අඟුරු බවද හෙතෙම සඳහන් කළේය.

“මේක යල්පැණගිය පුවතක්. තායිලන්තය, වගේ රටවල් දිහා බැලුවොත් වර්තමානයේදී ගල්අඟුරු කොන්ත්‍රාත් සියල්ල අවලංගු වෙමින් පවතිනවා… මොකද කිව්වොත් එය මිලෙන් අධිකයි. මිල අවම බලශක්ති ක්‍රමවේදය සූර්ය බලශක්තියයි. එහෙත් මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනය සම්බන්ධයෙන් බලය ඇති ඉංජිනේරුවන් තාමත් කියන්නේ සූර්ය බලශක්තිය මිලෙන් අධික කියලයි. එක්කෝ ඔවුන් ඇස් කන් වහගෙන ඉන්නවා එක්කො වෙන දේ දිහා බලන්න කැමති නෑ. පහුගිය අවුරුද්දේ මිල අඩුම සූර්ය බලශක්ති ඒකකය අබුඩාබි වලදී හඳුන්වාදුන්නා. ඒකෙ වියදම පැයට කිලෝවොට් එකකට ඇමෙරිකානු ඩොලර් ශත 2.5කි. විධිමත්, වියදම් අඩු බලශක්ති ක්‍රම නැතිව කිසිම රටකට දියුණු වෙන්න බැහැ.”

ෆියර්ටොෆ්ට් මහතා ගේ ඉංග්‍රීසි හඬපටය පහතින් :

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top