nsb

Nov 21, 2016

බන්දුව කොපි කළ බින්දුට නඩු

ජනප්‍රිය විකට රංගන ශිල්පී බන්දු සමරසිංහ අනුකරණය කරමින් ඔහුගේ නමින් චිත්‍රපටවල රඟපා ඩීවීඩී තැටි අලෙවි කළැයි කියන ඔහුගේම හැඩරුව ඇති ජනක කුමාර බෝතලේගම (බින්දු) ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (21) චෝදනා ගොනු කළේය.

බුද්ධිමය දේපළ යටතේ තම අයිතිවාසිකම් උල්ලංඝනය කළැයි ‘බින්දුට’එරෙහිව මේ නඩුව පවරා ඇත.

ඔවුනට පෙබරවාරි 14 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නොතීසි නිකුත් කළේය.

මෙම සිද්ධියේ සෙසු සැකකරුවන් වන්නේ ශ්‍රීමාල් වීරසිංහ,කැළුම් උදයකුමාර,චමින්ද කුමාර රණසිංහ,උදය වර්ණකුලසුරිය යන අයයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top