Nov 21, 2016

රජීව් ගාන්ධි ඝාතක නලිනිගේ ස්වයං චරිතාපදාන ග්‍රන්ථයක්

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවී සිටින නලිනි ශ්‍රීහරන් නමැති එල්.ටි.ටි.ඊ. සංවිධානයේ සාමාජිකාව විසින් රචිත ස්වයං චරිතාපදාන ග්‍රන්ථයක් එලි දැක්වීමට සුදානම් වන බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරයි.

‘‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’’ පුවත්සේවය ට අනුව රජීව් ඝාතන සිද්ධියට අදාළව එරට අධිකරණයෙන් දඬුවම් නියමව වසර 25කට වැඩි කාලයක් ඉන්දියාවේ වෙල්ලෝර් බන්ධනාගාරයේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් විඳිමින් සිටින නලිනි ශ්‍රීහරන් මෙම ග්‍රන්ථය ලබන බ්‍රහස්පතින්දා (24) එළිදැක්වීමට නියමිතව තිබේ.


rajiv gjandi 640x360
රජීව් ගාන්ධි ඝාතනයට පෙර ගත් අවසන් ඡායාරුපය

බන්ධනාගාරගතව සිටියදී ඇය ලත් අමිහිරි අත්දැකීම්, වද හිංසා, දේශපාලන අතපෙවීම් සහ විවිධ තමිල්නාඩු දේශපාලනඥයින්ගේ ප්‍රතිචාර හා බලපෑම් යනාදිය සම්බන්ධයෙන් බන්ධනාගාරයේ රැඳවියන් අමුත්තන් හමුවන ස්ථානයේ සිට ඇය කියූ කථාව ඇයගේ නීතීඥවරයා වන පූග සෙන්ති විසින් සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙය ග්‍රන්ථයක් වශයෙන් ප්‍රකාශයට පත් කැර ඇත.

දෙමළ භාෂාවෙන් ලියැවී ඇති මෙම ග්‍රන්ථය පිටු 500 කින් සමන්විතවන සිය ජීවිත කතාව පොතක් වශයෙන් එළිදැක්වීමට ඇයට වසරකට වැඩි කාලයක් ගතවී තිබේ.

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top