nsb

Nov 22, 2016

FCIDය ස්ථාපිත කළ කැබිනට් අනුකමිටුව අහෝසියි!

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) ස්ථාපිත කරනු ලැබූ කැබිනට් අනුකමිටුව අහෝසි කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

කැබිනට් අනු කමිටුව වසරක සිට රැස්ව නොමැති බැවින් දූෂණ පැමිණිලි ලේකම් කාර්යාලය හැර, අනු කමිටුව අහෝසි කිරීමට කටයුතු කරන බව අගමැතිවරයා එහිදී පැවසිය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ ප්‍රශ්නය මතු කළේය.

කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව කැබිනට් අනුකමිටුවක් පිහිටු වූ බවත්, ඒ හරහා පිහිටු වූ මූල්‍ය අපරාධ කොට්ඨාසයට උපදෙස් ලබාදෙන්නේ අගමැතිවරයා බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

''කමිටුව රැස්‌වෙලා නෑ. ඒත් එතුමාගේ කාර්යාලයෙන් උපදෙස්‌ දෙනවා'' යෑයි රඹුක්‌වැල්ල මහතා පැවසිය.

''මම උපදෙස්‌ දීලත් නෑ මගේ කාර්යාලයෙන් උපදෙස්‌ දීලත් නෑ. ගැසට්‌ පත්‍රය මගින් කළේ ලැබෙන පැමිණිලි පොලිසියට භාර දෙන්න කටයුතු කිරීමයි. ඒ නිසා ලේකම් කාර්යාලය කියලා අනුකමිටුව අහෝසි කරලා දාන්නම්'' යෑයි අගමැතිවරයා එහිදී කීවේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top