Oct 03, 2017

ගම්පහ රා මදින්නන්ට කිරි පුත්තලමට කැකිරි ! Featured

Update - ගම්පහ රා මදින්නන්ගේ රා ලබන සිකුරාදා (06) දක්වා ස්කාගාර වලට මිලදී ගන්නා ලෙස සුරාබදු කොමසාරිස්වරිය නියෝග දී ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

කෙසේවුවද, මීට පෙර සුරාබදු කොමසාරිස්වරිය විසින් ඇල්කොහොල් ප්‍රතිශතය වැඩිකිරීමට වසර 30ක පමණ කාලය සිට රා මදින්නන් භාවිතා කරනු ලබන සීනි යෙදීමේ ක්‍රමයට විරෝධය දක්වා ඒවා ස්කාගාරවලට මිලදී නොගන්නා ලෙස උපදෙස්දී තිබිණි.

අදාළ තත්ත්වයට විරෝධය දක්වමින් අද (03) ගම්පහ හා පුත්තලම රා මදින්නෝ වර්ජනයක් දියත්කර තිබිණි.

ගම්පහට සිකුරාදා තෙක් පැරණි ක්‍රම යොදාගනිමින් සකසන ලද රා ස්කාගාරවලට අලෙවි කර ගැනීමට සුරාබදු කොමසාරිස්වරිය සහනයක් ලබාදුන්නද, පුත්තලමට අදාළ සහනය ලබාදී නොමැත.

අරක්කු පෙරීමට රා මිශ්‍ර කිරීම අනිවාර්ය වේ.

අපිටත් සහනයක් දෙන්න - නිහාල්

මේ සම්බන්ධයෙන් අප වයඹ රා නිපදවන්නන්ගේ සංගමයේ සභාපති නිහාල් රොද්‍රිගෝ මහතාගෙන් කළ විමසිමකදී ඔහු කියා සිටියේ ගම්පහට දී ඇති සහනය පුත්තලමට දී නොමැති බවයි.

කෙසේවුද, අදාළ සහනය ලබන සිකුරා දක්වා හෝ ලබාදීමට කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

ඉන් පසුව මේ ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත හැකි බවද ඔහු කියා සිටියේය.

වයඹ රාවල බදු ආදායම බිලියන 14යි

නිහාල් මහතා වැඩිදුරටත් කියා සිටියේ රා මදින්නන් මෙරට ආර්ථිකයට විශාල සහයක් ලබාදෙන බවත් පසුගිය වසරේදී (2016) බිලියන 14ක බදු මුදලක් රා මදින්නන් ගෙවා ඇති බවයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top