Oct 04, 2017

ඇඟළුම් සේවිකාවන් 200ක් සිහි සුන් වෙයි

නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් නිව්වැලිගම පෞද්ගලික ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවයකරමින් සිටි ඇඟළුම් සේවිකාවන් දෙසීයයකට ආසන්න පිරිසක් හදිසියේ රෝගාතුර වී දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර තිබේ.

අද (04) උදෑසන  9.45 ට පමණ ඇඟළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් එක්වරම සිහිසුන්ව ඇදවැටිම නිසා එම සේවිකාවන්ව රෝහලට ඇතුළත් කර ඇති බව නොර්වුඩි පොලිසිය පැවැසීය.

ඇගළුම් සේවිකාවන්ට උදැසන  ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් ලබාදුන් ආහාර විෂ වීමෙන් සේවිකාවන් රෝගාතුර වී ඇතිබවට සැකකරන බව නොර්වුඩි පොලිසිය පැවැසීය.

ඡායා-ඩේලි නිවුස්

22264850 10215223127959787 56672889 n

22278734 10215223127839784 1036944852 n

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top