Oct 04, 2017

අඩු ලන්සු ඉදිරිපත් කරන්නැයි රවී උපදෙස් දීලා

ප්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව සිදුවන අවස්ථාවේදී අඩු ලන්සු ඉදිරිපත් කරන ලෙස හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක උපදෙස් ලබාදී ඇති බව ප්‍රශ්න ගත බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී අද (04දා) හෙලිව තිබේ.

ඒ රාජ්‍ය බැංකුවක ප්‍රධාන විධායක නිලධාරියෙකු අද කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂිකයකට අනුව මෙය හෙළිව ඇත.

ප්‍රශ්න ගත බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබාගැනීම සදහා රාජ්‍ය බැංකු 3 ක ප්‍රධානීන් අද කොමිසම වෙත කැදවා තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top