Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Oct 06, 2017

ජපන්ගිය මහින්දව ගණන් නොගත්තේ ඇයි ?

ජපානයේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් අවශ්‍ය පහසුකම් හා පිළිගැනීම ලැබී නැති බවට ඒකාබද්ධ විපක්ෂයෙන් මැසිවිලි නැගෙමින් ඇතැයි වාර්තා වේ.

රාජපක්ෂ මහතා මේ සංචාරයට එක්ව ඇත්තේ එහි වෙසෙන හිතවතුන්ගේ විශේෂ ආරාධනයක් අනුවය.

හිටපු ජනාධිපතිවරයා සමග ඒකාබද්ධ විපක්ෂයේ ලොහාන් රත්වත්තේ හා රොෂාන් රණසිංහ යන  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම සංචාරයට එක්ව සිටින අතර, ජපාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කිසිදු නියෝජිතයෙකු එම පිරිස පිළිගැනීමට ටෝකියෝ ගුවන්තොටුපළට පැමිණ නොමැති බවද පැවසේ.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පැමිණෙන විට තානාපති කාර්යාලයේ නියෝජිතයෙකු ගුවන්තොටුපලට පැමිණිය යුතු වුවද මෙවර එවැන්නක් සිදුනොවීම සම්බන්ධව මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම්වරයා ජපාන ශ්‍රී ලංකා තානාපති ධම්මික ගංගානාත් දිසානායක මහතාට කතා කර හේතු විමසා තිබේ.

එහිදී තානාපතිවරයා සඳහන් කර ඇත්තේ, තමන්ට ලැබුණු නියෝගයක් අනුව කටයුතු කළ බවයි.

කෙසේවුවද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිතවතුන් සමග පවසා ඇත්තේ තානාපතිවරයාගේ උවමනාවට අනුව මෙසේ හැසිරී තිබෙන බවත්, ඉහළින් එවැනි නියෝගයක් ලබාදෙනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවත්ය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජපාන ශාඛාවේ සභාපතිවරයා ඇතුළුව එරට සිටින ශ්‍රීලංකිකයෝ බොහෝ පිරිසක් පැමිණ මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා සිදුකර ඇතැයිද වාර්තා වෙයි.

මීට අමතරව ජපානය, ප්‍රංශය,පාකිස්තානය, ඉන්දියාව, ඩෙන්මාර්කය, මැදපෙරදිග නියෝජිතයන් පිරිසක්ද හිටපු ජනාධිපතිවරයා හමුවී එම රටවලට පැමිණෙන්නැයි ඉල්ලා ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයෙකු පැවසීය.

ඒ අනුව ඉදිරියේදී එම සංචාරය යොදාගැනීමට මහින්ද රාජපක්ෂ මහතා  සැලසුම් කර ඇතැයිද ඔහු වැඩිදුරටත් කීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top