Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Oct 06, 2017

මහින්දගේ ගෙට පැන්නේ මානසික රෝගියෙක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජයරාම මාවතේ පිහිටි නිවසට තියුණු ආයුධයක් රැගෙන බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සහ කිරිමේදී අත්අඩංගුවට ගත් තරුණයා මානසික රෝගයකින් පෙළෙන අයෙකු බවට කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට දැනුම්දී තිබේ.

පසුගිය සැප්තැම්බර් මස 21 වනදා මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට ඇතුළුවීමට උත්සහ කිරිමේදී අදාල තරුණයා කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූණි.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර අදාල නඩුව අද(6දා) යලි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය හමුවේ කැඳවනු ලැබීය.

 තරුණයා මීට පෙර ද මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබා ගෙන ඇති බව කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඔහුට තවදුරටත් ප්‍රතිකාර අවශ්‍ය  බව සඳහන් කළ පොලීසිය ඔහු මානසික රෝහලට ඇතුළත් කර නේවාසික ප්‍රතිකාර ලබාදීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය ඒ සඳහා අවසර ලබාදී ඇති අතර සැකකරු ලබන 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top