Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Oct 06, 2017

ඇමති බදුයුදීන්ගේ සොයුරා ඉල්ලා අස්වෙයි

උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්කාන් බදුයුදීන් අද සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කලේ උතුරු පළාත් සභාවේ 107 වැනි සැසි වාරය අද පෙරවරුවේ සභාපති සී. වී. කේ. සිවඥානම් ගේ මූලිකත්වයෙන් ඇරඹුනු අවස්ථාවේදීය.

තම පක්ෂයේ ඊළගට වැඩි ඡන්දේ ලබා ගත් අපේක්ෂකයාට අවස්ථාව ලබා දීම තම ඉල්ලා අස්වීමේ අරමුණ බව ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

රිෆ්කාන් බදුයුදීන් වාණීජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්ගේ සොහොයුරකි.

ඉල්ලා අස්වූ රිෆ්කාන් බදුයුදීන් මහතා අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ අමාත්‍යංශ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කිරීමට නියමිත අතර ඉදිරි මැතිවරණයකදී මන්නාරම් ආසනය නියෝජනය කරමින් තරඟ කිරීම ඔහුගේ අපේක්ෂාව වී ඇතැයි ද වාර්තාවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top