Oct 10, 2017

වලස්ගල පුණ්‍යජී මයුරවංශ නාහිමි අපවත්වේ : අදාහනොත්සවය අද

මාතර වල්පල සිරි මංගල පිරිවෙනේ විහාරාධිපති කම්මට්ඨාචාර්ය වලස්ගල පුණ්‍යජී මයුරවංශ මහාස්වාමීන්ද්‍රයන්වහන්සේ අද (10) උදැසන අපවත්වී ඇත.

උන්වහන්සේ මාතර ආරෝග්‍ය සේවා සංගමයේ සභාපති වහන්සේද වේ. අහිංසක, අසරණ ජනතාව වෙනුවෙන් එම සංවිධානය දසක කිහිපයක් සිදුකර ඇති සේවය අපමණය.

‘යමෙක් ගිලනුන්ට උපස්ථාන කරන්නේ නම් ඒ මට උපස්තාන කරන්නක් හා සමානය’ බුදු වදනට අනුකූලව තම පැවිදි දිවිය වසර 85 කට වැඩි කලක් සාර්ථකව පවත්වාගෙන ආ මයුරවංශ හිමිපාණෝ 2017 අගෝස්තු 20 දා සිය 100 වැනි ජන්ම දිනය පසු කළහ.

මහරගම භික්ෂු අභ්‍යාස මධ්‍යස්ථානයේ ධර්මාචාර්ය හිමිවරයකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ මයුරවංශ නාහිමියෝ ප්‍රදේශයේ දානපතියන් ද සම්බන්ධ කර ගනිමින් මහරගම පිළිකා රෝහලේ පිළිකා රෝගීන් සඳහා ගිලන් සංග්‍රහ සේවාවක් පවත්වා ගෙන යමින් අසරණ වූ ගිලනුන්හට මහත් සේවයක් ඉටු කළෝ ය.

එතැනින් නොනැවතුන උන්වහන්සේ දානපතියන්ගේ දායකත්වය යොදා ගනිමින් එම ස්ථානයේ ඉතා දර්ශනීය බුදුමැදුරක් ද ඉදිකර ඇත.

තමන් වහන්සේ අපවත්වූ පසු එම්බාම් කිරීමකින් තොරව පැය 24ක් තුලදී දේහය පිලිබඳ අවසන් කටයුතු සිදුකටන ලෙස අපවත්වීමට පෙර උන්වහන්සේ කල ඉල්ලීමක් මත, දේහය පිලිබඳ අදාහනොත්සවය අද පස්වරු 7.00ට මාතර පොදු සුසාන භූමියේදී සිදුකිරීමට කටයුතු යොදා ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top