15976 BM WEB BANNER 01
Oct 12, 2017

ගෙදර යන්න දුම්රිය 10ක්

දුම්රිය වැඩවර්ජනය අඛණ්ඩව සිදුකිරීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ. දුම්රිය සේවක ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා සමග අද (12දා) දහවල්  පැවැති සාකච්ඡා අසාර්ථකවීම නිසා මෙම තීරණයට එළඹ ඇත.

බඳවා ගැනීමේ පටිපාටියේ අධ්‍යාපන සුදුසුකම් ඉහළ දැමීමට විරුද්ධව දුම්රිය රියදුරන් හා නියාමකවරු ඊයේ (11දා) රාත්‍රී 8.00 සිට වැඩ වර්ජනයක නිරත වී සිටිති.

මේ නිසා සමස්ත දුම්රි ගමන් වලින් 90% ක් අවලංගු කිරීමට සිදුව ඇත.

කෙසේ වෙතත් රාජකාරි කටයුතුවලට පැමිණි පිරිස් සඳහා  සවස දුම්රිය 10ක් ධාවනය කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

මේ අනුව පුත්තලම, ගාල්ල, අවිස්සාවේල්ල, නුවර ප්‍රදේශ සඳහා මෙම දුම්රිය 10 යෙදවීමට නියමිතය.

ඊයේ (11දා) රාත්‍රියේ ආරම්භ වූ දුම්රිය වැඩවර්ජනයේ ඉල්ලීම් පිළිබඳ වෘත්තීය සමිති හා ප්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන් අතර මේ වනවිට විශේෂ සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරන බව ප්‍රවාහන නියෝජ්‍ය  අමාත්‍ය අශෝක අබේසිංහ පැවැසීය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top