Nov 23, 2016

කීර්ති දුෂණ විරෝධයෙන් ඉවතට !

'දූෂණ විරෝධී පෙරමුණේ' උපදේශකයකු කටයුතු කල රජිත් කීර්ති තෙන්නකෝන් මහතා එම සංවිධානයෙන් ඉවත්කර ඇති බව වාර්තාවේ.

මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් ඔහුට බරපතල චෝදනාවක් එල්ලවී තිබේ.

ඒ සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් පවත්වා අවසන් නිගමනයකට එනතෙක් ඔහුව සංවිධානයේ කටයුතු වලින් තාවකාලිකව ඉවත්කළ බව එම සංවිධානයේ ප්‍රධානියකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසීය.

ඒ සම්බන්ධයෙන් තෙන්නකෝන් මහතා ගෙන් කල විමසීමකදී ඔහු පැවසුයේ එහි සත්‍යතාවයක් නොමැති බවයි.

තෙන්නකෝන් මහතා 'කැෆේ 'සංවිධානයේ අධ්‍යක්ෂක ලෙස ද කටයුතු කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top