15976 BM WEB BANNER 01
Oct 13, 2017

ලිට්රෝ සභාපති නිශ්ශංක !

ලිට්රෝ ගෑස් සභාපති ධූරයට ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කර මහතා පත්කර තිබේ.

තායිවානයේ බැංකුවක පරිගණක පද්ධතියට ඇතුළු වී මුදල් වංචා කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් වෝදනා ලැබීම හේතුවෙන් එහි හිටපු සභාපති ශලීල මුණසිංහ මහතා ඉවත් කිරීමෙන් පසුව එම ධූරය හිස්ව පැවැතිනි.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයකු හා එම පක්ෂයේ නීතීඥ සංගමයේ ලේකම්වරයා ද වන නිශ්ශංක මහතාව යහපාලන ආණ්ඩුව පත්වීමෙන් පසුව විවිධ තනතුරු සඳහා නම්කර තිබිණි.

කෙසේවුවද, ආදාළ තනතුරු දැරෑවන් එම ධූරවලින් ඉල්ලා අස්නොවීම හේතුවෙන් ඔහුට එම කිසිදු තනතුරකට පසුගිය කාලයේදී පත් වීමට නොහැකි විය.

ඒ මහතා පසුගිය රාජපක්ෂ රෙජීම සමයේ එජාපයට සම්බන්ධ නඩු වෙනුවෙන් පෙනී සිටිමින් පක්ෂය වෙනුවෙන් විශාල සහයක් දුන් අයෙකු ලෙසද සැලැකේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top